Saturday, January 7, 2023

නෙලන්න බැරි මල්

 මගේ නිවස අසල තිබෙන ඉතා උස, විශාල කඳක් සහිත ගසක්. අපි කියන්නෙ ඉඹුල් කියලා. නම හරිද කියල නම් දන්නෙ නෑ.

එක කාලෙකට මේ ගහේ කොල ඔක්කොම කහපාට වෙලා හැලෙනවා. මේ එහෙම තිබුණු අවස්ථාවක ගත්ත පින්තූරයක්. පින්තූරය ගත්තෙ 2022 දෙසැම්බර් 20 වෙනිදා.



ටික දවසක් ගියාට පස්සෙ ගහේ රතුපාට මල් පිපෙනවා. ඊට පස්සෙ ඒ මල් වලින් උදේ ආහාරය සපයා ගන්නා කුරුල්ලන් ගෙන් ගහ පිරිලා යනවා. මේ දවස් වල මං උදේට නැගිටින්නෙ මේ කන්කලු කුරුලු නාදය අහගෙන.

වැඩිපුරම ඇහෙන්නෙ සැලලිහිණින් ගෙයි මයිනන්ගෙයි හඬ. තවත් පොඩි පොඩි කුරුල්ලො ගහේ ඉන්නවා පෙණුනට උස නිසා ඒ කවුද කියලා පැහැදිලි නෑ. 


මේ 2023 දෙසැම්බර් 7 වෙනිදා උදේ ගත්ත පින්තූර.


උදේට ඉර එලිය වැටුනාම මේ ගහේ තියන්නෙ පුදුමාකාර ලස්සනක්. 

වලාකුළු ටිකකුත් මෝදු වෙනවා. අදත් හවසට වහීවි. 




type='text/javascript'/>