Monday, December 20, 2021

කඳු

බැලු බැලූ අත පෙනෙන නිල්වන් කඳු වලල්ලට ඔබ්බෙන්, සුදු වලාකුළු මෝදු වී එන්නේ සවස් භාගයෙහි ඇති විය හැකි තද වර්ෂාවක පෙරනිමිති පෙන්වමිනි.  වරින් වර ඒ කඳු සඟවා ගනිමින්, හිරු මුවා කරමින්, කඳුයාය මත අඳුරු සෙවනැලි මවමින්  සෙමෙන් සෙමෙන් නැගෙනහිර දෙසට ඒ වලාකුළු ඇදී යයි. මේ අහස් වියන යට, කර්කශ ගල් තලය මත සිටගෙන ඈත බලාගෙන සිටිනා මිනිසෙකි. ඔහු කුමක් සිතනවා ඇත්ද!

 
 


 

වසර කිහිපයකට පෙර, කඳුකරයෙහි එක්තරා ඉසව්වක පිහිටි භාවනා මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවක දුටු දර්ශනයක්. හරිත පැහැය කෙමෙන් නිල් පැහැයට හරවමින්, ඈතින් ඈතට විහිදී යන කඳුවැටි, ඉහලින් ඇති වලා වියන හා ඒ අතරින් තැනින් තැන පහලට ගලා එන හිරු කිරණ එක්ව මන්ස්කාන්ත දසුනක් මා ඉදිරියෙහි මවා පෑවේය.

 


 

අලු ගසා නැගිටිමි!

නිතරම දකින දෙයක් දිහා වුණත් ටිකක් වෙනස්ව බැලුවම, අලුත් විදිහට දකින්න පුළුවන්.









කපුරු මල්.. කාලෙකට කලින් ගත්ත එකක්.



මේක මං ගත්ත පින්තූර වලින් මං කැමතිම එකක්. "දැවී හලු වී නිමා වී යයි මතකයේ සේයා" වගෙ ගී පදයක් එක්ක ගලපා ගන්නත් බැරි වෙන එකක් නෑ වගෙ.





හැමදාම වගෙ හැන්දෑ වෙනවා. අඳුරු වෙනවා මඳක් හෝ වෙනස් වෙනස් විදිහට. පහල අඳුරු වුනත් ඉහල නම් තවමත් සැණකෙලි සිරියකින් ආලෝකවත්.




type='text/javascript'/>