Sunday, November 20, 2016

යළි නැග එන නිල්ල අතරින්

වියැලී දුඹුරු පැහැ ගැන්වී තිබූ පරිසරය, වර්ෂාව ඇරඹීමත් එක්කම ආයෙමත් පණ ගහගෙන එන කාලයයි මේ. මෙතෙක් කල් දකින්නට සිටියේ නැති පුංචි පුංචි අමුත්තනුත් එලියට බසින්නට පටන් අරන්.








නිල් කටරොළු මලක්. පින්තූරය කළු සුදු කලාම මතු වුණු සරල සුන්දරත්වය වඩා හොඳයි කියලා මට සිතුණා.


සමනලයෙක් ද, සලබයෙක් ද ? කලින්අවස්ථා කිහිපයකදී ම මෙයාලගේ පින්තුරයක් ගන්න උත්සාහ කලත් අසාර්ථක වුණේ සුළු චලනයකින් වුණත් මෙයා ඉගිලිලා යන නිසයි. මේ වතාවේ නම් එහෙම වුණේ නෑ.




Wednesday, October 26, 2016

ග්‍රීෂ්මයේ මතකයන්

මේ, කළුගල් ඇඹරුම් වැඩපලක පසෙකින් ගොඩගසා ඇති ගල් කුඩු ගොඩකි; කන්දකි. ඊට ඉහලින් අහසේ මෙවේලේ විහිදී තිබූ වලා රොදත් ඈතින් ඇති මඳ වශයෙන් දිස් වන නිල්වන් කඳු වැටියත් මුසු වූ දර්ශනය විසින්,  මා පින්තුරයක් ගැනීම සඳහා මෙහෙයවූයේය.


අධික උණුසුම සහිත දවසක්. ඉඳහිට පාවී යන වලාකුළු මඳක් නතර වී නියඟයෙන් පිඩිත වූවන්ට සමච්චල් කර යලිත් ඈතට යන්නට යයි. තරමක් දුරින් වූ කන්දේ පිහිටා ඇති සුළං කණු ද නිශ්චල වී ඇති සෙයකි.



සෑම තැනකදී ම පාහේ පින්තුරයක් ගන්නට ගිය කල බාධා කරන විදුලි රැහැන් මෙතැනදී තරමක් වෙනස් ව දුටුවෙමි.



තද නියඟය තිබූ දිනවල සවස් කාලයේ බටහිර අහසේ සිට නැගෙනහිර දෙසට බොහෝ දුරක් දක්වා රත් පැහැ සිහින් වලාකුළු දකින්නට තිබුණේය. ඉන් සුළු ප්‍රමාණයක් හෝ අල්වා ගන්නට උත්සාහයක් දැරුවෙමි.



දවස නිම විය.




තවත් පින්තූර

https://www.facebook.com/Smart.Phone.Photography1/

Wednesday, May 4, 2016

කඩුපුල් මල්

කුඩා කාචයක් භාවිතයෙන් හසු කර ගත් මෙය, මලක් මත හටගෙන තිබූ පුස් වැනි දෙයකි.



කඳුකර මාර්ගයක් ඔස්සේ වාහනයකින් ගමන් කරන විට දුටු දසුනක්.



Thursday, March 31, 2016

ගමන


"නැහැ, ඔබ සිතුවා වැරදියි.." මේ අත්තට කතා කල හැකි නම් සමහර විට මට එසේ පවසාවි !!





Saturday, March 26, 2016

නමක් අහිමි සුන්දරිය..!

මේ වලවේ ගඟේ පහල කොටසේ, සමනල වැව් ඉහල සිමාවේ සිට ඉහලට විහිදෙන ප්‍රදේශයේ ඇති කුඩා දිය දහරා සමූහයක්. වසර දහස් ගණනක් තිස්සේ ජල ඛාදනයට ලක් වීම හේතු කොට ගෙන මෙහි කළු ගල් ස්ථරය මත විවිධාකාරයේ හැඩයන් නිර්මාණය වී තිබෙනවා.


දැනට මෙහි යම් ව්‍යාපෘතියක් (කුඩා ජල විදුලි) ඉදි වෙමින් පවතිනවා. පසුගිය දිනක මද්දහනේ අප මේ ඉසව්වට පිය මැන්නේ, අතීතයට එක වන්නට පෙර මෙහි පින්තූර කිහිපයක් මතක සටහන් ලෙස ලබා ගන්නටයි.





Saturday, February 27, 2016

ගලා යන... ...!


දැන් වැසි කලට පමණක් දකින්නට ලැබෙන මෙය...



තව කෙතරම් කලක් මෙසේ වත් පවතිනු ඇද්ද !!

මෙම බිමට සෙවන හා රැකවරණය දුන් අඳුරු, සිහිල්, දැවැන්ත සෙවනැලි මිය ගොස් දැන් බොහෝ කල් ය.

Thursday, February 25, 2016

අහල පහලින් අහුලා ගත්

නිවස අවට තිබුණු මල් කිහිපයක්.



ගඳපාන




මලක් සහ ගෙඩියක්.



Sunday, February 14, 2016

ආයෙමත්....


මකුළු වියමන්...



ඉතාම කුඩා ප්‍රමාණයේ කරවිල ගෙඩියක්.



බෝවිටියා මලක් මත වහල ඉතාම කඩිසරව වැඩ. අල්ල ගන්නත් ටිකක් අමාරුයි.




කටු කරඬු මල් කැකුලක්.



පුළුන් බැද්ද.


Wednesday, January 20, 2016

කෙටි ගමන් - කඳු මත හිඳ

පසුගිය දිනෙක හිතවතෙක් එක්ක මඳක් දුර බැහැර කඳු මුදුනකට යන්න ලැබුණා. එතැනට දිස්වන අවට පරිසරය හරිම සුන්දරයි. මේ එහිදී සටහන් වුණු පින්තූර.




type='text/javascript'/>