Tuesday, December 29, 2015

සවස උදේ සවස සහ රෑ

පරිගණකය තුල වූ පින්තූර ගොන්නක තිබී හමු වූ මෙය, වසර කිහිපයකට පෙර ගන්නා ලද්දක්. පැහැදිලි බව ඉතා අඩු වුවත් මේ පින්තූරයට පුළුවන් මෙහි සැබෑ දර්ශනය මගේ සිතේ මවන්නට.



සීතල උදෑසනක්.. රැයේ වට පිණි තුරු පත් මත හිඳින අවසන් හෝරාවේ දී මගේ නෙත ගැටුනේ ගෙමිදුල කොනක දඩයක්කරුවෙකු විසින් අටවන ලද උගුලක්...



සවස් කාලයේ හිරු බැස යන්නට කිට්ටු වූ විට නිවස අසල විදුලි රැහැන් මත සිට විවේක ගන්නා කොබෙයියන්, කොණ්ඩ කුරුල්ලන්, පිළිහුඩුවන් මෙන්ම නිවැරදිව නොදන්නා කුඩා කුරුල්ලන් කිහිප දෙනෙකුත් මේ දිනවල නිතරම දකින්නට ලැබුණා. වරින් වර ඉහල ගොස් රවුමක් ගසා පැමිණෙන මොවුන් යලිත් රැහැන මතට පහත් වෙනවා. මේ උන්ගෙන් එකෙක් ලං කර ගන්නට ගත් උත්සාහයක්.

පින්තූර වලට පෙනී සිටින්නට අකමැත්තක් නැති හැඩයි.



රාත්‍රීයේදී විදුලි පහන් දල්වා ගෙයින් පිටතට එන විටම මගේ ඇස ගැටුනේ කුඩා ගසක පිපී තිබුණු මල් කිහිපයක්. ඒ ස්ථානයේ තිබූ අඳුර අතරින් මේ සුදු මල් කිහිපය දුටු මට, තවත් කෘතිම ආලෝකයක් දී පින්තූරයක් ගෙන බලන්නට සිතුනා. මට අවශ්‍ය වුණේ සුදු මල් සහ තරමක් දුරට කොල පැහැ පත්‍ර වල කොටස් කිහිපයක් පින්තූරයට හසු කර ගන්නටයි.




Facebook Page: https://www.facebook.com/Smart.Phone.Photography1/

Friday, December 25, 2015

මැක්‍රෝ

ටික කලකට කලින් ඇණවුම් කල ලෙන්ස් කිහිපය ඊයේ  ඇවිත් තිබුණා. Telephoto Lens එක මා සිතූ තරම් සාර්ථක නොවුණත් මැක්‍රෝ ලෙන්ස් එකෙන් නම් මං කැමති විදිහේ පින්තූර ටිකක් ගන්න පුළුවන් වුණා. මේ තියන්නේ මැක්‍රෝ ලෙන්ස් එක.

මේක පාවිච්චි කරලා ගත්තු පින්තුර කිහිපයක් මේ.

තෘණ මත විසිරි මුතු පිණි...




කුඩා පැළෑටි වල මල් කිහිපයක්








Facebook Page : https://www.facebook.com/Smart.Phone.Photography1/

Monday, December 21, 2015

සඳ රැස් යට

නිවස අද්දර වැටේ පිපිලා තිබුණු, අප විසින් සාමාන්‍ය ව්‍යවහාරයේ දී "වද මල්" කියා හඳුන්වනු ලබන එහෙත් මා නිවැරදිවම නොදන්නා කුඩා ගසක පිපුණු මල් ගොන්නක්. මා මිදුලට එන විට, එළඹෙන පොහොයට සූදානම් වන චන්ද්‍රයා ඊට ඉහල අහසේ වළා අතරින් එබෙමින් සිටියා.

නිවස කෙලවර තිබෙන බල්බයෙන් නිකුත් වුණු ආලෝකය මා සිතුවාට වඩා මට සහාය වී තිබුණා.

මේ පින්තූර දෙක ගත්තේ රෑ දහයට විතර.


සඳ මුවා වෙලා



Facebook Page: https://www.facebook.com/Smart.Phone.Photography1/

Monday, December 14, 2015

උඩු වියනේ ඇඳි රටා

අප හිසට ඉහලින් ඇති අහස, කෙතරම් බලා සිටියත් නිමාවක් නැති චිත්‍රාගාරයක්. වලාකුළු වලින් මවන අපූර්ව රටා වෙත මගේ කැමරාව යොමු වෙන්නේ නිරායාසයෙන්. සවස් කාලයේ ඉර බැස යන්නට ටිකකට කලින් මේ සිත්තම් කිහිපය මා සටහන් කර ගත්තා.





මගේ දෙපා රැඳී මහ පොලොව වසා අන්ධකාරය පැතිරෙද්දී හිසට ඉහලින් ඈත බටහිර අහස තවමත් මෙසේ වර්ණවත් ව තිබුණා.





Facebook Page : https://www.facebook.com/Smart.Phone.Photography1/

Thursday, December 10, 2015

යමින් ද හිඳිමින් ද

කුරුණෑගල ප්‍රදේශය ඔස්සේ වාහනයකින් ගමන් කරන අතර තුර දැකපු මේ වැව සහ පසුබිම් දර්ශනය මගේ සිත් ගත්තා. යන ගමන්ම ගත් පින්තූර කිහිපය අතරින් එකක් තමයි මේ.


මේක නම් අහල පහල ඇවිදින්න ගිය වෙලාවක ගහ ගත්තු ෆොටෝවක්. නිකන්ම නිකං අත්තක් තමයි. ඒත් ඒක කැමරාවේ සටහන් වුණා. හ්ම්... බහින කලාව.



රේණු ද මල් ද නොතලා... අනුන්ගේ මල් මගේ කර ගැනීම.



Facebook Page: https://www.facebook.com/Smart.Phone.Photography1

Friday, December 4, 2015

ගඟ තරණය


පාළු වැව් තෙරකදී නෙත ගැටුණු දසුනක්. මේ ඔරුව මෙසේ තනිවී බලා සිටින්නේ තමා මත නැගී උදේ මේ මහා දිය කඳ තරණය කල මිනිසුන් දවසේ මෙහෙවර නිම කොට යලි එන තෙක්,


Edited with Lightroom

ඔරුව ද අබලන් ය.
ඒ පදනා උන් සේම.
රළු ය මඟ...
එහෙත් උහු, තවම මේ ගඟ පැද යති !


Tuesday, December 1, 2015

අඳුරට ඉඩ දී බැස යන හිරු

කඳුකරයේ දී, සැන්දෑ අහසේ අසිරිය දකින්නට ලැබෙන්නේ තරමක් අඩුවෙන්, බොහෝ විට.මේ එවන් අවස්ථා කිහිපයක දසුන්.


අහස වලාකුලින් බරවූ දිනයක් අවසන නික්ම යන හිරු.


වැස්ස නිවාඩු ගත් දිනයක....



අහසේ එක අන්තයක් මෙසේ තිබියදී අනෙක් දෙස දේදුන්නක් පායා තිබුණා.

Monday, November 30, 2015

බිමට ලංව ඇවිද ගියෙමි

ලඳු කැලෑ වල වැවෙන, ගස් වල එතී ඉහල යන වැලක මලක්


නිතර දකින වල්පැල




පුලුන්බැද්ද


මිදුලේ තණ බිස්සේ පිපී


පියාපත් රිදෙන නමුත්






සටන අත් නොහැර



තව ටිකයි



Friday, November 27, 2015

වැස්සකට පස්සේ


 රුක් අත්තන (Ruk Aththana - Allamanda cathartica)






කුඩා පඳුරු වර්ගයක මලක් සහ ගෙඩියක්


තවත් දවසක්

නම නොදන්නා මල් විශේෂයක්


මේ වල් පැළෑටියක මලක්


මේ ආවා විතරයි..



type='text/javascript'/>