Saturday, November 5, 2022

ලස්සනම දුම්රිය මාර්ගයක් ඔස්සේ

 සිරීපාදේ යං ද..? එහෙම ඇහුවෙ මගෙ හිතවතෙක්.

 

ඉතින්, සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් සිරිපාදේ ගියා. මතක විදිහට නම්, අන්තිමට ගියේ මීට අවුරුදු 15 කට විතර කලින්. ඒ කාලේ, අවුරුද්දක් පාසා සිරිපාදේ යන පුරුද්දක් අපිට තිබුනා.

 කාලයත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙනවා. ගතවෙන වෙලාව, අවට වෙළඳසැල්, පඩිපෙල, සනීපාරක්ෂක පහසුකම්. හ්ම්ම්.. සෑහෙන වෙනසක්..! ගමනේ ආශ්වාදය නම් එදා වගේමයි.

 



හපුතලේ සිට හැටන් හරහා යන මේ කෝච්චියේ විදේශිකයින් සැහෙන පිරිසක් ගමන් කරනවා. එයින් බොහොමයක් තරුණ වයසේ ඉන්න අය. අපේ ලංකාවේ අය බිංගෙවල් තුලදී හූ කියන එක මේ විදේශිකයන්ට මහත් ප්‍රහේලිකාවක් බව නම් ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නෙට තිබුණා. ☺


 

සිරිපා මළුව උඩ තිබුණෙ තද සීතලක්. ඒ වගේම සෑහෙන පිරිසකුත් එහි රැඳී සිටියා. උදෑසන වන තෙක් මළුව උඩ රැඳී සිටීමට මුලින් සිතා සිටියත්, පැවති තද සීතලත්, ඒ සීතලෙන් ආවරණය වී ඉන්නට තැනක් නොතිබීමත් නිසා අපි රෑම පහලට එන්නට පිටත් වුණා.


පොලිතින්, ප්ලාස්ටික් හැම තැනම. මේ තරම් සංවේදී පරිසර කලාපයක් වත් පරිස්සම් කර ගන්නට අපිට වුවමනාවක් නැති හැටි. සිරිපා වාරයෙන් පස්සෙ, මේ අපද්‍රව්‍ය ඉවත් කරන්නට එන කණ්ඩායම් වලට, මේ ප්ලාස්ටික් කන්දරාව පහලට ගෙනෙන්නට මොන තරම් වෙහෙසක් දරන්නට සිදු වෙනවා ඇතිද..?


අපි පහලට ආවා, දැන් ඉර ත් පායලා. උඩ ඉන්න පුළුවන් වුණා නම් ලස්සන හිරු උදාවක් බලන්න තිබුණා.




type='text/javascript'/>