Wednesday, October 26, 2016

ග්‍රීෂ්මයේ මතකයන්

මේ, කළුගල් ඇඹරුම් වැඩපලක පසෙකින් ගොඩගසා ඇති ගල් කුඩු ගොඩකි; කන්දකි. ඊට ඉහලින් අහසේ මෙවේලේ විහිදී තිබූ වලා රොදත් ඈතින් ඇති මඳ වශයෙන් දිස් වන නිල්වන් කඳු වැටියත් මුසු වූ දර්ශනය විසින්,  මා පින්තුරයක් ගැනීම සඳහා මෙහෙයවූයේය.


අධික උණුසුම සහිත දවසක්. ඉඳහිට පාවී යන වලාකුළු මඳක් නතර වී නියඟයෙන් පිඩිත වූවන්ට සමච්චල් කර යලිත් ඈතට යන්නට යයි. තරමක් දුරින් වූ කන්දේ පිහිටා ඇති සුළං කණු ද නිශ්චල වී ඇති සෙයකි.



සෑම තැනකදී ම පාහේ පින්තුරයක් ගන්නට ගිය කල බාධා කරන විදුලි රැහැන් මෙතැනදී තරමක් වෙනස් ව දුටුවෙමි.



තද නියඟය තිබූ දිනවල සවස් කාලයේ බටහිර අහසේ සිට නැගෙනහිර දෙසට බොහෝ දුරක් දක්වා රත් පැහැ සිහින් වලාකුළු දකින්නට තිබුණේය. ඉන් සුළු ප්‍රමාණයක් හෝ අල්වා ගන්නට උත්සාහයක් දැරුවෙමි.



දවස නිම විය.




තවත් පින්තූර

https://www.facebook.com/Smart.Phone.Photography1/
type='text/javascript'/>