පරිගණකය තුල වූ පින්තූර ගොන්නක තිබී හමු වූ මෙය, වසර කිහිපයකට පෙර ගන්නා ලද්දක්. පැහැදිලි බව ඉතා අඩු වුවත් මේ පින්තූරයට පුළුවන් මෙහි සැබෑ දර්ශනය මගේ සිතේ මවන්නට.
සීතල උදෑසනක්.. රැයේ වට පිණි තුරු පත් මත හිඳින අවසන් හෝරාවේ දී මගේ නෙත ගැටුනේ ගෙමිදුල කොනක දඩයක්කරුවෙකු විසින් අටවන ලද උගුලක්...
සවස් කාලයේ හිරු බැස යන්නට කිට්ටු වූ විට නිවස අසල විදුලි රැහැන් මත සිට විවේක ගන්නා කොබෙයියන්, කොණ්ඩ කුරුල්ලන්, පිළිහුඩුවන් මෙන්ම නිවැරදිව නොදන්නා කුඩා කුරුල්ලන් කිහිප දෙනෙකුත් මේ දිනවල නිතරම දකින්නට ලැබුණා. වරින් වර ඉහල ගොස් රවුමක් ගසා පැමිණෙන මොවුන් යලිත් රැහැන මතට පහත් වෙනවා. මේ උන්ගෙන් එකෙක් ලං කර ගන්නට ගත් උත්සාහයක්.
පින්තූර වලට පෙනී සිටින්නට අකමැත්තක් නැති හැඩයි.
රාත්‍රීයේදී විදුලි පහන් දල්වා ගෙයින් පිටතට එන විටම මගේ ඇස ගැටුනේ කුඩා ගසක පිපී තිබුණු මල් කිහිපයක්. ඒ ස්ථානයේ තිබූ අඳුර අතරින් මේ සුදු මල් කිහිපය දුටු මට, තවත් කෘතිම ආලෝකයක් දී පින්තූරයක් ගෙන බලන්නට සිතුනා. මට අවශ්‍ය වුණේ සුදු මල් සහ තරමක් දුරට කොල පැහැ පත්‍ර වල කොටස් කිහිපයක් පින්තූරයට හසු කර ගන්නටයි.
Facebook Page: https://www.facebook.com/Smart.Phone.Photography1/