Sunday, April 23, 2017

බේකර්ස් වංගුවෙහි සිට

කලක සිට යන්නට සිතා සිටි, එහෙත් යම් යම් හේතු නිසා කල් දමන්නට සිදු වුණු ගමනක්, පසුගිය දිනෙක යන්නට අවස්ථාව ලැබුණා. ගමන් මග වුණේ බලංගොඩ නන්පෙරියල් මාර්ගය. ගමනට එක් වුණේ එරංග, රිෂ්වි සහ මම. මේ කාලයේ පවතින කාලගුණය නිසා අවට සුන්දරත්වය නම් තරමක් අඩුයි.


 දුෂ්කර මාර්ගය ගෙවා අප මෙහි ලඟා වන විට නීල හරිත කඳු පන්තීන් වසාගෙන අඳුර ගලමින් පැවතුණා. මෙහි සිට අවට බලන විට දකින්නට ලැබෙන්නේ ඉතා මනරම් දර්ශනයක්.













කඳුකරයේ සුන්දරත්වය විඳිමින්... මේ පින්තූරය ගෙන තිබුණෙ අප සමඟ ගිය එරංග මල්ලී විසින්.





මේ මාර්ගයේ මේ ස්ථානය දක්වා වාහනයකින් එන්නට නම් අවසර ලැබෙන්නේ නැහැ. පෞද්ගලිකව මා නම් එයට ඉතා කැමතියි. "ආතල් ගන්නට" පැමිණ මේ සුන්දර පරිසරය වනසා දමන්නන් යම් ප්‍රමාණයකට හෝ අඩු කිරීමට එය හේතුවක් වන බව මගේ හැඟීමයි.

මේ ගමන් වලදී අප සමඟ එකතු වන ස්වල්ප දෙනා ම, අප විසින් පාවිච්චි කර ඉවත් කරන හිස් බෝතල්, බිස්කට් දවටන, පොලිතීන් බෑග් ආදී සියල්ලම ගමන් මළු වල දමා ආපසු රැගෙන එන්නට තරම් පරිසර හිතකාමීන් වීම සියල්ලටම වඩා සතුට දනවන කාරණයක්.
type='text/javascript'/>