දුෂ්කර මාර්ගය ගෙවා අප මෙහි ලඟා වන විට නීල හරිත කඳු පන්තීන් වසාගෙන අඳුර ගලමින් පැවතුණා. මෙහි සිට අවට බලන විට දකින්නට ලැබෙන්නේ ඉතා මනරම් දර්ශනයක්.
කඳුකරයේ සුන්දරත්වය විඳිමින්... මේ පින්තූරය ගෙන තිබුණෙ අප සමඟ ගිය එරංග මල්ලී විසින්.
මේ මාර්ගයේ මේ ස්ථානය දක්වා වාහනයකින් එන්නට නම් අවසර ලැබෙන්නේ නැහැ. පෞද්ගලිකව මා නම් එයට ඉතා කැමතියි. "ආතල් ගන්නට" පැමිණ මේ සුන්දර පරිසරය වනසා දමන්නන් යම් ප්‍රමාණයකට හෝ අඩු කිරීමට එය හේතුවක් වන බව මගේ හැඟීමයි.
මේ ගමන් වලදී අප සමඟ එකතු වන ස්වල්ප දෙනා ම, අප විසින් පාවිච්චි කර ඉවත් කරන හිස් බෝතල්, බිස්කට් දවටන, පොලිතීන් බෑග් ආදී සියල්ලම ගමන් මළු වල දමා ආපසු රැගෙන එන්නට තරම් පරිසර හිතකාමීන් වීම සියල්ලටම වඩා සතුට දනවන කාරණයක්.
No comments:
Post a Comment